නිදන් වස්තු ගැනීමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


දෙමටන්ඇල්ල, ගල්පෝරුයාය ප්‍රදේශයේ ඉඩමක මොවුන් කැණිම් කරමින් සිටි බවයි පොලිසීය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී පූජා භාණ්ඩ සහ කැණිම් කටයුතු සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් කඩුවෙල, තෙල්දෙණිය, මොරණාගල, ලුණුගල, සෙවණගල සහ ගිරාදුරුකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද දින මහියංගණහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.